ගෙදරින් එලියට බැස්සේ ඔයාගේ මූණ දැක ගන්න පුළුවන් වෙයි කියල හිත හිත. බස් එකෙන් බැහැලා ඉදිරියට එන කොට, පාර්ක් එකේ ඔයා ඉන්නවා බංකුවක ඉදගෙන. මම ඔයා දිහා බලන් හිටියා ගොඩක් වෙලාවක්. පොත් ගොඩක් එක්ක හිටපු ඔයාට කරදර කරන්න මට මොකක්ද වගේ. ඒත් හිත කියන්නේ ඔයා එක්ක කථා කරලා එන්න කියලා.
මම ආවා ඔයා ලගට. ඒත් ඔයා කථා කරන එකක් නෑ කියලා මගේ හිත මට වද දුන්නා. ඒත් මම කොහොමද ඔයා එක්ක කථා නොකර ඉන්නේ?. මෙහෙම ඉන්න කොට ඔයා මාත් එක්ක හිනා උනා. මුළු ලෝකේම මාත් එක්ක ඉන්නවා වගේ මට දැනුනේ. මම දන්නවා ඔයා දන්නවා ඔයාගේ මූණේ හිනාවක් දකින්න මම තරම් කැමති කෙනෙක් තවත් මේ ලොකේ නෑ කියල.. ඔයාට ඒ හිනාව මොනතරම් සුළු දෙයක් උනත් ඒක මට මහ මෙරක් තරම් වටිනවා.
අපි එකට පාසල් ගියපු කාලේ සිද්ධ වෙච්ච දේවල් , කියපුවා කරපුවා කීයක් නම් කියලද?.. ඇත්තටම ඒ කාලේ කොච්චරක් නම් කියලා සුන්දරද. මොනා උනත් ඒ දවස් වල අපි දෙන්නා එක පන්තියක හිටියේ. ඒ දවස් වල මම පන්තියේ මෙහා කෙලවරේ හිටියත් මගේ ඇස් තිබුනේ පන්තියේ එහා කෙලවරේ හිටිය ඔයා දිහා. දැන් ඒ හැම දේම වෙනස් වෙලා නේද? අපි කොච්චර වෙලාවක් කතා කරාද කියන් එක මට මතක නෑ ඒත් ඒ කාලය මට නම් විනාඩියක් 2ක් වගේ දැනුනේ. මම ආයෙත් ඔයාගේ මූණ දිහා බලන් හිටියා.
ඒත් එක පාරටම සද්දයක්. හැම දේම අදුරුයි . මෙච්චර වෙලා මන් ලග හිටපු ඔයා නෑ. අපි දෙන්නා හිටපු පාර්ක් එකත් නෑ. මොකක්ද උනේ?
මම වට පිට බැලුවා. ඔව් ඒක හීනයක්... ආදරණීය හීනයක්. ඒ මොනවා උනත් මම ඒ හීනයට ආදරෙයි මොකද ඔයා ඒ හීනයේ මගේ ලගින්ම හිටිය නිසා......

hamotama vena deyak thamai oka..
ReplyDeleteහ්ම්ම්.. අවාසනාවට ඇත්ත කථාවක්...
ReplyDeletehmmmmm ekath ehema thamai....
ReplyDelete:D
ReplyDelete:D
ReplyDelete