Saturday, July 9, 2011

බ්ලොගර්ලා සම්ප්‍රාප්තයි විහාර දේවීය අභාවප්‍රාප්තයි.....

                               ඇත්තටම මේ භයානක සිද්දියට මුළ පිරෙන්නේ අර කට කහන දුමි කොළුවා ලංකාවට සම්ප්‍රාප්ත වීමත් සමගය. දුමිගේ ලංකාගමනය නිමිත්තෙන් 30ක් වැනි අති විශාල ජන ගහනයක් විහාර මහා දේවීයට ආවා. ඔව් බන් මාත් ගියා.

                                        මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
                   
                                           ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.    
                                           ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ... 

                     නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
  
            අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ. මන් දන්නවා සමාව ඉල්ලුවේ නැත්තම් මුන් ඒකටත් මොකක් හරි කුජීත කතාවක් කියනවා..      
                 
   

Monday, March 28, 2011

දුරකථනයකින් සැටලයිට් එකක් පාලනය කල හැකිද?

බ්‍රිතාන්‍ය චන්ද්‍රිකා නිෂ්පාදන සමාගමක් විසින් ජංගම දුරකථනයක් අභ්‍යවකාශයට යැවූ පසු ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පරීක්ෂාකිරිම සඳහා ජංගම දුරකථනයක් අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරමින් සිටී. මෙය බ්‍රිතාන්‍යයේ සරේ සැටලයිට් ආයතයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේදී වැඩිම වියදමක් වැය වන්නේ එහි පරිගණක පද්ධතිය තැනීම සඳහාය. අද භාවිතා කරන බොහොමයක් smart phone වල සකසනයේ වේගය 1GHZ පමන වේ. තවද ජංගම දුරකතනයක සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් භාවිතා කරන බොහොමයක් උපාංග වන sensors, cameras, GPS, accelerometers, compasses, භාවිතා කරන නිසා එය චන්ද්‍රිකාවේ පරිගනකය ලෙස භාවිතා කිරීමේ වාසී රැසක් පවතිනවා. නමුත් මෙහිදී ඇතිවන ගැටළුව වන්‍‍නේ එම දුරකතනය අභ්‍යවකාශයේ උෂ්නත්වය සහ විකිරණ හමුවේ නිසි පරිදි ක්‍රියා කරයිද යන්නයි.
                                        මූලීක වශයෙන් චන්ද්‍රිකාවක් තුල දුරකතනය අභ්‍යවකාශයට යවනු ලබයි. එහිදි දුරකතනය ඒ අයුරින්ම චන්ද්‍රිකාව තුල විශේෂ ආවරණයක් තුල රදවයි. චන්ද්‍රිකාවේ ඇති විශේෂ කැමරාවක් මගින් ජංගම දුරකතනයේ තිරය පොළොවේ සිට නිරීක්ෂණය කරනු ලබයි. චන්ද්‍රිකාවේ වයිෆයි සම්බන්ධය මගින් දුරකතනය සංඥා ලබා ගනියි. මෙම ව්‍යාපෟතිය සාර්ථක වුවහොත් එය චන්ද්‍රිකාවක් අඩුවියදමකින් සෑදීය හැකි වනු ඇත.

ගිනි කුරුල්ලගෙ ඉපදීම

කට්ටිය බලනවා ඇති මොකාද මේ ගිනි කුරුල්ලා කියලා. තව ටික දවසකින් මේ පැත්තේ ආවොත් ගිනි කුරුල්ලා මොන වගේද කියලා බලා ගන්න පුළුවන්.....