මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.
ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ...
නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ.