Saturday, July 9, 2011

බ්ලොගර්ලා සම්ප්‍රාප්තයි විහාර දේවීය අභාවප්‍රාප්තයි.....

                               ඇත්තටම මේ භයානක සිද්දියට මුළ පිරෙන්නේ අර කට කහන දුමි කොළුවා ලංකාවට සම්ප්‍රාප්ත වීමත් සමගය. දුමිගේ ලංකාගමනය නිමිත්තෙන් 30ක් වැනි අති විශාල ජන ගහනයක් විහාර මහා දේවීයට ආවා. ඔව් බන් මාත් ගියා.

                                        මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
                   
                                           ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.    
                                           ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ... 

                     නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
  
            අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ. මන් දන්නවා සමාව ඉල්ලුවේ නැත්තම් මුන් ඒකටත් මොකක් හරි කුජීත කතාවක් කියනවා..