Saturday, July 9, 2011

බ්ලොගර්ලා සම්ප්‍රාප්තයි විහාර දේවීය අභාවප්‍රාප්තයි.....

                               ඇත්තටම මේ භයානක සිද්දියට මුළ පිරෙන්නේ අර කට කහන දුමි කොළුවා ලංකාවට සම්ප්‍රාප්ත වීමත් සමගය. දුමිගේ ලංකාගමනය නිමිත්තෙන් 30ක් වැනි අති විශාල ජන ගහනයක් විහාර මහා දේවීයට ආවා. ඔව් බන් මාත් ගියා.

                                        මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
                   
                                           ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.    
                                           ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ... 

                     නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
  
            අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ. මන් දන්නවා සමාව ඉල්ලුවේ නැත්තම් මුන් ඒකටත් මොකක් හරි කුජීත කතාවක් කියනවා..      
                 
   

9 comments:

  1. ඇති යන්තං උඹ බීපු හැටියට ගෙදර ගිහිං ​පෝස්ට් එකක් ලියන්න සිහිය තිබුනා...

    ReplyDelete
  2. අඩේව් මාළුවා.. අපි පැටියා කාලේ ඉදන්ම අමධ්‍යපයි හරිය.. කවිද දන්නේ නෑ වැඩි වෙලා කාණු පල්ලේ ගියපු එකා?

    ReplyDelete
  3. දුමී ‍මාමාට බැරිද දන්නෙ නෑ නුවර පැත්තෙත් ඔය වගේ සෙට් වීමකට මුලපුරන්න.. :D

    ReplyDelete
  4. ඇයි උබටත් අපේ ගොල්ඩ් ෆිෂ් වගේ කානු පල්ලේ තපින්නද?

    ReplyDelete
  5. විහාර මහා දෙවි නහය අකුලාගෙන ඉන්නවා දැකල මනුස්ස්යක් ඇවිත් ඔක්කොම බෝතල් කැලි බයිට් කැලි මල්ලකට දාල අරන් ගියයි කියන්නේ !

    ReplyDelete
  6. හික් හික් මූ වෙරි මරගාතේ බාගෙට ලියපු ලිපියක් මේක

    ReplyDelete
  7. මේන්න සාක්කි කිව්වලු.....

    http://goo.gl/gfb6i

    http://goo.gl/BhIFy

    ReplyDelete
  8. @ලංකාප්‍රිය... නෑ නෑ දේවියේ නෙවෙයි සෙට් වුනේ වෙන තැනක

    ReplyDelete
  9. @වැපා. අර පොටෝ කෑලී දෙක බැලුවනමි හරිය...

    ReplyDelete