Saturday, May 24, 2014

ඔබ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරනවද? මෙම මෘදුකාංග ඔබ සතුද?

මේ කාලේ ගොඩක් දෙනෙක් ළඟ තියෙනවනේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවසයිස් එකක් නැත්තම් කීපයක්, මේ පෝස්ට් එකන් මං කියන්න බලා පොරොත්තු වෙන්නේ මං පාවිච්චි කරන ගොඩක්ම ප්‍රෙයා්ජනවත් වෙච්ච මෘදුකාංග කිහිපයක්.

1. ES File explorer .

ES File explorer එක windows explorer එකට ගොඩක් සමානයි, මේක file system browse කරන්න විතරක්ම නෙවෙයි, Download manager/ Media player/ zip archiver යන මෘදුකාංග රැසකුත් මේ සමගම install වෙනවා. මේකේ තියෙන විෂේශම දෙය තමයි LAN එකේ share කරලා තියෙන File එකක් උනත් WIFI හරහා Access කිරීමේ හැකියාව. ඒවගේම GOOGLE PLAY වෙතින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

2. ADBD insecure.

මේ  මෘදුකාංගය ගොඩක්ම ප්‍රෙයා්ජනවත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලප් කරන සහ  ADB පාවිච්චි කරන අයට, ඩිවයිස් එකේ Boot loader unlock කරල නැත්තම් මේ මෘදුකාංගය ගොඩක්ම ප්‍රයොජනවත් වෙයි.
පහළ ලින්කුවෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
http://forum.xda-developers.com/showthread.php?t=1687590

 3. Firefox

කවදත් Character rendering අතින් ඉදිරියෙන්ම තියෙන browser එකක් තමයි Firefox, දැන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙනුත් ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම Desktop එකේ බ්‍රවුසර් එකත් සමග Sync කිරීමේ ඇති පහසුම නිසා, Tablet , mobile , pc යන බේදයකින් තොරව, bookmarks, most visited sites වගේම් form inputs පවා බෙදා ගැනීමට පුළුවන්.


පහල සදහන් මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ඒ්වා නොවුනත්, ඩිවයිස් එක config කිරීමේදී වැදගත් වෙයි.

1. SRS root

Root කරන්න මින් පෙර සල්ලි ගෙවලා තියෙනවද? srs root මගින් නොමිලේම තමන්ගෙ ඩිවයිස් එක root කරන්න පුළුළුන්, කරන්න තියෙන්නේ එක බටන් එකක් එබීම පමණයි. srs root පාවිච්චි කිරීම සදහා ඔබගේ පරිඝණකයේ ADB install කර තිබීම අවෂ්‍යෙව්.

2. PDA NET

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකේ ඩ්‍රයිවර්ස් සොයා ගැනීමට නොහැකි නම් PDA NET install කර, මෘදුකාංගය මගින් ලබාදෙන උපදෙස් පිලිපදින්න.
පහත ලිංකුවෙන් අදාල උපදෙස් සහ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
https://www.topnotchtablets.com/installADBdriver


අදට මෙච්චරයි, තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment