Monday, June 30, 2014

LED Monitors සහ Migraine


මීට දින කිහිපයකට පෙර ගිනි කුරුල්ලා ගත්තා LED මොනිටර් එකක්. මොනිටරය ටික වෙලාවක් පාවිච්චි කරන කොට පොඩි හිසරදයක් දැනුනා, හරියට මොළය ගිනිගන්නවා වගේ දැවිල්ලක්. මීට වසර කීපයකට කලින් ඔය විදියට හිසරදය අවාම ගිකු කරන්නේ කාමරේ දොර ජනෙල් වහල ඔලුව උඩින් කොට්ටයක් තියාගෙන නිදාගන්න උත්සහ කරන එක(උත්සහ කරන එක කිව්වේ ඉරුවාරදය එහෙමත් නැත්තම් Migraine Attack එකක් අවාම නිදා ගන්න තියා හුස්ම ගන්න එකත් වේදනාකාරී නිසා). ඒත් මේ අවස්තාවේ ගිකු එච්චර බිය උනේ නැත්තේ පොඩි බෙහෙත් කෝස් එකක් කරලා දැන් අවුරුදු ගණනකින් Migraine හැදුනේ නැති නිසා.

මේ නිසා අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයල බලන්න හිතුනා ඇයි මෙහෙම වෙන්නේ් කියල. ගූගල් දෙයියගේ පිහිටෙන් හේතුව හොයා ගන්න පුළුවන් උනා. ඒකට හේතුව තමයි, LED  Monitor වල Brightness එක පාලනය කරන්නේ එක රටාවකට අනුව LED බල්බ නිවමින් හා නැවත දැල්වීමෙන්. ඒ නිසා ඇති වන flicker effect(බල්බ දැල්වෙන හා නිවෙන වේගය වැඩි නිසා ඒක පියවි ඇසට පෙනෙන්නේ නැහැ) එක නිසා තමයි ඇසට පීඩාවක් ගෙන එන්නේ සහ එමගින් නැවත Migraine තත්වය ඇති වන්නේ.

මෙයට එක පිලියමක් ලෙස පුළුවන් Monitor එකේ Brightness එක 100% දක්වා වැඩිකරන්න, එවිට PWM මගින් බල්බ නිවාදමන්නේ නැති නිසා flicker effect එකක් ඇතිවන්නේ නෑ. එම නිසා ඉරුවාරදය ඇතිවීමක්ද ඇති නොවනු ඇති. ඔබට ඉරුවරදය ඇතිනම් හා, ආලෝකයට සංවේදී නම්, කළ හැකි හොදම දේ Fluorescent Back-light සහිත මොනිටරයක් ගැනීම.

Brightness 100% වැඩි කරාම තව ප්‍රශ්ණයක් එනවා, ඒ තමයි 100% Brightness එකක් එක්ක වැඩ කරන්න අමාරු වීම, ඒ ප්‍රශ්නෙන් මිදෙන්න පහල තියෙන මෘදුකාංග වලින් එකක් භාවිතා කරන්න පුළුවන්, දෙකම පාවිච්චි කරා කියලත් ප්‍රශ්ණයක් නෑ. මොකද flux එකෙන් කරන්නේ Color temperature අඩු කරන එක, Dimmer එකෙන් කරන්නේ Brightness අඩු කරන එක, ඒක කරන්නේ අපි වැඩකරන Window එකට උඩින් Transparent layer එකක් වගේ තියෙන එක, ඒ වගේම Always on top Dialog වලදී සුපිරි Effect එකක් විදියට පේනවා.  

F.lux : https://justgetflux.com/
Dimmer : www.nelsonpires.com/software/dimmer/?op=download&v=1.0

වැඩි විස්තර මෙම ලිපියෙන් ලබා ගන්නත් පුළුවන්.
http://crispycromar.com/psa-led-backlighting-can-cause-migraine-headaches/


No comments:

Post a Comment